MFC Sathkara


මැදවච්චිය ප්‍රදේශයේ අතිදුෂ්කර පාසැලක් වන අ/තම්මැන්නාකුලම විද්‍යාලයේ  දරු දැරියන්ට 2013 වර්ෂය සඳහා පාසැල් පොත් හා වෙනත් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන 2013.01.24 දින පැවැත්වීම සඳහා කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව එදිනට සහභාගී වන මෙන් සියළුම සාමාජිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.



අප සංගමයේ සාමාජික චිරන්ත හා අමිල සොයුරන්ගේ යෝජනාවකට අනුව ආරම්භ කල "MFC සත්කාර" පළමු ව්‍යාපෘතිය සාර්ථක අන්දමින් නිම කිරීමට අප සංගමයට හැකි වුනා.  මේ සඳහා මිලදී ගන්නා ලද මග් 60 ක් මලිත් සොයුරා වෙනුවෙන් පවත්වනු ලබන ලේ දන් දීමේ වැඩසටහනේ සංවිධායකවරුන් වෙත ඊයේ දිනයේදී භාර දෙනු ලැබුවා. මෙවැනි සත්කාර්යයකට අපිට දායකත්වය ලබා දීමට අවස්ථාව ලබා දීම පිළිබඳව "මලිත්ගේ"  මිතුරන්ට අපගේ ප්‍රණාමය. මේ සඳහා සහයෝගය දැක්වූ සියළුම සාමාජිකයින්ට  ස්තූතියි!. වැඩි විස්තර ඉදිරියේදී..



 "මිඩ්ටවුන් මිතුරු සමාජයේ පළමු සමාජ සත්කාර දායකත්වය"
හදිසි අනතුරකින් අපගෙන් සමුගත් මලිත් සඳරුවන් සොයුරාට පිං පිණිස ඔහුගේ මිතුරන් විසින් පවත්වනු ලබන ලේ දන්දීමේ වැඩසටහන 2012.12.04 දින මැදවච්චිය විහාරස්ථානයේ දී පැවැත්වේ. 
මේ සඳහා අප සංගමයේ දායකත්වය ලබා දීමට තීරණය කොට තිබේ.
වැඩි විස්තර සඳහා චිරන්ත හෝ අමිල අමතන්න







1 comments: