Sunday, December 2, 2012

සුහද හමුව 2012


‍මිඩ්ටවුන් මිතුරු සමාජයේ සුහද හමුව දෙවැනි වරටත් ඉතාම සාර්ථකව පවත්වන්නට හැකි වුනා. මේ සඳහා අපි යොදාගෙන තිබුනේ 2012.10.27 වැනි දින. වාසනාවකට මන්දා ඊට දින ගණනාවකට කලින් ඉඳලා දිගටම තිබ්බ වැස්ස, 27 වෙනිදා ( සෙනසුරාදා ) නම් උදේ ඉදලම අපිට කරදරයක් වෙන පාටක් තිබුනේ නෑ. හැබැයි හැමෝගෙම හිතේ කොනක තියෙන්න ඇති හවස නම් වහියි කියලා. 

ඒ විදියට අපේ හමුවීමට කාලගුණයත් ආශිර්වාද කරද්දි අපේ යාළුවන්ගෙන් ගොඩක් අය හරියටම කියපු වෙලාවට නුවන්ජිත් සොයුරාගේ ගෙදර ඉස්සරහට ඇවිල්ලා තිබුනා. ඒ කාලේ ඉඳලාම අපි ඕනම වැඩකට සෙට් වෙන්ඩ පටන් ගන්නේ මෙතැනින්. චිරන්ත, සුසන්ත, අසේල, තරංග, චාමර, අමිල, තිළිණ, අසංක, සමන්, සුපුන්, චානක, මහේෂ්, අසංක, නයනසිරි සහ මම (තාරක) යන කට්ටිය හැමෝම තිබුන වාහන වල නැගලා පිටත් වුනා. ඔය අතරේ බොරු ශෝබන දාලා එන්ඩ වෙන්නේ නෑ වැඩ කියලා පණිවිඩයක් එවපු එකෙක්ව (ප්‍රදීප්) බලෙන් හරි ඇදගෙන එන්ඩ කට්ටියක් පිටත් වුනා.

කොහොම හරි අපි පූනෑවට එනකොට අතුල ක්‍රිකට් බැට් ටිකකුයි, ස්ටම්ප් ටිකකුයි කරේ තියාගෙන රෙඩි වෙලා හිටියා. අපි ඔක්කොම එතැන ඉදලා අපේ සුහද හමුවේ ප්‍රථම අදියර වෙන ක්‍රිකට් තරඟය සඳහා සූදානම් කරලා තිබුන ගල්කන්දේගම මහ විද්‍යාලයේ ක්‍රීඩාංගනයට ගියා.

බෑ බෑ කිව්වට හැමෝම වගේ සෙල්ලම් කරන්න ලෑස්ති පිට ඇවිත් හිටිය බව එතෙනදි තමයි තේරුනේ. හැබැයි ඉතින් අම්ම අප්පා කිව්වත් අපි නම් සෙල්ලම් කරන්නේ නෑ කියපු පොරවල් දෙන්නෙකුත් හිටියා. කණ්ඩායම් දෙකකට බෙදුනා. එක කණ්ඩායමක් නුවන්ජිත් නායකත්වය භාර ගන්නකොට අනික් කන්ඩායම මම  භාර ගත්තා. ඊට පස්සේ කාසියේ වාසිය.... 

මේ විදියට අපි තරඟ තුනක්ම සෙල්ලම් කරා. ජය පැරදුමට වඩා වැදගත්වුනේ කාලෙකට පස්සේ හැමෝම සෙල්ලම් කරපු එක, හැමෝම වගේ සෑහෙන සතුටකින් විනෝදයකින්තරග කරපු බව නම් පෙන්න තිබුනා.

අවසන් තරඟය අතරතුරේ අපෙන් පිරිසක් වව්නියාවට පිටත් වුනේ දෙවන අදියර ආරම්භ කරන්න ඕන කරන උපකරණ ගේන්ඩ. ඒ අතරේ අපිට තරඟ මහන්සිය නිවා ගන්න අසල තිබුන අපේ මහේෂ්ගේ හිතවත් ගෙදරකින් තේ පැන් සංග්‍රහයක් ලෑස්ති කරලා තිබුනා. අපි හැමෝම ඒ හිතවතුන්ට පින් දීලා ඇඟපතත් හෝදා ගෙන දෙවන අදියර සඳහා සූදානම් කරලා තිබුන බූ ඔය හෝටලයට ආවා.

ඒ වෙලාව වෙද්දි හදිසි වැඩ කිහිපයක් නිසා කලින් එන්ඩ බැරි වුන තවත් යාළුවෝ කිහිප දෙනෙක් ( නිලන්ත, සමන්) ඇවිල්ලා හිටියා. එතැන ඉඳලා තම නියම තරඟය ආරම්භ වුනේ... අපේ කට්ටිය තිබුන ඇඟේ අමාරු යන්ඩත් එක්කලා සුපිරි පිති ප්‍රහාර දියත් කරා... තරඟයේ වීරයා හොයා ගන්නත් අමාරු තරමට හැමෝම වගේ දක්ෂතා පෙන්නුම් කරපු බව තමයි ආරංචි....

මෙතැනදි අපේ යාළුවෝ කරපු යෝජනාවක් එක හෙලාම සම්මත වුන බව ආඩම්බරයෙන් කියන්න ඕන. ඒ තමයි අපේ මිතුරු සමාජයේ ආරම්භය. ලබන අවුරුද්ද වෙන කොට මීටත් වඩා ලස්සන දැවැන්ත සුහද හමුවක් සංවිධානය කරන එක තමා අපේ මීලඟ බලාපොරොත්තුව. ඒ හැම දේකටම ඉදිරි පියවරක් අරං දීපු 2012 සුහද හමුව අපි හැමෝගෙම හිත්වල සදා නොමැකෙන මතකයක් විදියට රැදේවි.. 

තාරක....


4 comments:

  1. meka lassanata liyala thiyenawa.... ape Addminta jaya wewa...

    ReplyDelete
  2. api eda godak vinida una..a gena mama tharakawa appreciate karanawa..great job..

    ReplyDelete
  3. Next hamuwedi football match ekak gahamu

    ReplyDelete
  4. ow mamath godak sathutu wenawa mcn......... thanx all my frnds.....

    ReplyDelete