Tuesday, January 29, 2013

ඒ තරම් සොඳුරු දවසක්... අපි ආයෙත් ඉස්කෝලේ ගිය හැටි..


(පළමු කොටස)
 
2012.10.27 දවස අපේ යාළුවන්ට මතක හිටින දවසක්. මෙච්චර කාලයක් අපි එකට සෙට් වුනාට, කෑවට බිව්වට... එදා තමයි අපි අපේ අතින් සමාජයට ඉටු විය යුතු වගකීමක් තියෙනවා කියලා තේරුම් ගත්ත දවස. එදා පටන් ගත්ත අපේ "මිඩ්ටවුන් මිතුරු සමාජයට අද වෙන කොට තාමත් වයස මාස 04යි. තාම පුංචි එකා... :D

පරණ කථා ඉවරයි... මෙන්න අපේ අළුත්ම වැඩේ... අපිව ඉස්කෝලේ යවන්න ඕන කියලා මුලින්ම තීරණය කරලා ති‍බ්බේ හන්තානේ ඩනිෂ්ක, ඒ සිතුවිල්ලට සෙව්රංගත්, අසංකත්, චාමරත් තමන්ට හැකි අයුරින් අපේ අනිත් මිතුරනුත් දායක වෙනකොට... මැදවච්චිය අබාන්ස් කළමණාකරු තුසිත අයියත් අපිත් එක්ක එකතු වුනේ අපේම වෙලාවට. කියන්නම ඕනේ වැඩේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා හැම දේකම බර කරට අරන් අවසානය දක්වාම එකෙන්ම හිටිය අධ්‍යාපනේ තරංග... අපිට යන්ඩ හොඳම ඉස්කෝලේ තොරලා දුන්නා...

"අ/තම්මැන්නාකුලම විද්‍යාලය" පුංචිත්තෝ 37 යි.... මැදවච්චිය ප්‍රාලේ කොට්ඨාශයේ තියෙන දුෂ්කරම පාසැලක්.. කලින් පොලිස් බැරැක්කයක්, යුද්ධයෙන් පසු පොලිස් නිලධාරින්ගේම කැපවීමෙන් පාසැලක් බවට පත් වුන. කලින් එක ගොඩනැගිල්ලයි පාසැලටම, නමුත් පළාතේ රාජ්‍ය ආයතන නිලධාරින්ගේ මග පෙන්වීම මත තවත් ගොඩනැගිල්ලක් ඉදි වෙමින් පවතිනවා... 01 වසරේ සිට 05 වසර දක්වා ළමයි මේ පාසැලේ ඉගෙනුම ලබනවා...

අපි ඉස්කෝ‍ලේ ගියපු කාලේ වගේ නෙමෙයිනේ.... දැන් ළමයිට පොත් පත් බර ලිස්ට් එකක් තියෙනවා, ඉතින් අපි ඒවා ගැන දන්නේ නැති නිසා අපිට ඒකට ගුරුවරුන් කිහිප දෙනෙක් උදව් කලා,  චානක මල්ලිත් ඇතුළුව. ඒ ලබා ගත්ත විස්තරත් එක්ක මිලදී ගත යුතු දේවල් ලිස්ට් එකත් එක්ක අපි කඩවල් ගානේ ගියේ අඩුවටම ගන්න පුළුවන් තැන හොයා ගන්න... වැඩි මහන්සියක් නැතිව ඒකත් හොයා ගත්ත. මැදවච්චිය තුෂිර පොත්හලේ අපේ හිතවතා, හැම දෙයක්ම උපරිම අඩු මිලට අපිට දෙන්න කැමති වුන එක අපිට ලොකු උදව්වක් වුනා...

කැබිතිගොල්ලෑව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ආශිර්වාදය ඇතිව වැඩේට දිනය නියම වුනේ ජනවාරි මාසේ 24 වෙනිදා... අපේ මේ වැඩේ ගැන කිව්වාම අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමත් ( කලින් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම්තුමන් ) බොහොම කැමැත්තෙන් සහභාගීවන බවට පොරොන්දු වුනා....

ජනවාරි 22 වැනිදා අපි ගන්න ඕන කරන බඩු සේරම වගේ අරගත්තා... අපේ යාළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා ඒවා ටික ලස්සනට පාර්සල් කරේ, ලොකු සතුටකින්.

(දෙවන කොටස ඉඩ ලැබුන හැටියේ................. ) 

2 comments: