මාසික හමුව

පළමු මාසික හමුව - (සාරාංශය)

දිනය - 2012.11.25
ස්ථානය - සාරද පොත්හල උඩුමහළ
සහභාගී වූ සාමාජික සංඛ්‍යාව - 10

සාමාජික අංකය නම
1 සඳුන් රජිත
2 අමිල ප්‍රගීත්
3 ප්‍රදීප් දළුගම
4 සමන් සිල්වා
5 තිළිණ නිලවීර
6 අසංක උදය
7 තරංග සංජීව
8 චානක දේවින්ද
9 චිරන්ත නුවන්ජිත්
10
තාරක තිසේරා

සමන් කුමාර, චාමර කුලරත්න හා මහේෂ් වනිගසූරිය නොපැමිණීම පිළිබඳව මුලින් දන්වා තිබුනි.

01. නිලධාරි මණ්ඩලය පත් කිරීම
සභාපති -  තාරක තිසේරා
යෝජනා කලේ -  තරංග
ස්ථීර කලේ - චානක

උප ‍සභාපති -  මහේෂ් වනිගසූරිය
යෝජනා කලේ -  චානක
ස්ථීර කලේ - නුවන්ජිත්

ලේකම් - තරංග සංජීව
යෝජනා කලේ -  අසංක
ස්ථීර කලේ - නුවන්ජිත්

උප ලේකම් - තිළිණ නිලවීර
යෝජනා කලේ -  අමිල
ස්ථීර කලේ - සමන්

භාණ්ඩාගාරික -  සමන් ද සිල්වා
යෝජනා කලේ -  තිළිණ
ස්ථීර කලේ - ප්‍රදීප්

02. සංගමයේ අරමුණු
මිතුරු සමාජයේ සාමාජිකයින් අතර අනොන්‍ය සබඳතාවය වර්ධනය කිරීම හා එතුලින් ප්‍රදේශයේ ජනතා‍වගේ සුභ සිද්ධිය හා එකුමුතුකම වර්ධනය කිරීම සඳහා දායකත්වය සැපයීම.

03. වැදගත් යෝජනා
සංගමයේ සාමාජික වියදමින් කරනු ලබන සමාජ සත්කාර යෝජනාවක් වශයෙන් ප්‍රදේශයේ තරුණ පිරිසක් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ලේ දන් දීමේ වැඩසටහනක් සඳහා මග් 60 ක් ලබා දීමට දායකත්වය ලබා දීමට චිරන්ත සොයුරා හා අමිල් සොයුරා විසින් කරන ලද යෝජනාවක් පැමිණ සිටි සියළුදෙනාම ඒකමතිකව සම්මත කරන ලදී.


මීලඟ මාසික හමුව දෙසැම්බර් මස අවසාන සතියේදී පැවැත්වීමට තීරණය කරන ලදී.




තරංග සංජීව.
ලේකම්








0 comments:

Post a Comment